E   |     |  

2021 අප්‍රේල් මස 23 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2004 අංක 11 දරන මුදල් පනතේ 26 වගන්තිය සමඟ කියවිය යුතු 22 වගන්තිය යටතේ ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජනවාරි 01 දිනැති අංක 2208/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.
(ii)    2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජනවාරි 05 දිනැති අංක 2209/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
(iii)    2018 අංක 35 දරන මුදල් පනතේ 19 වගන්තිය සමඟ කියවිය යුතු 51 වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝප‍‍භෝගී බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජනවාරි 05 දිනැති අංක 2209/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා                    
(ii)    ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

සතොස සහන මල්ල සහ අසේල සම්පත් අත්අඩංගුවට ගැනීම පිළිබඳව වෙළඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    “හදිසි මහජන සෞඛ්‍ය”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. ඒ. සුමන්තිරන් මහතාට අවසර දෙන ලදී.

(ii)    “ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මියට අවසර දෙන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1730 ට 2021 මැයි මස 4 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks