E   |     |  

2021 අප්‍රේල් මස 05 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
‘B’ : හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණයක් පිළිබඳව සභාව කල් තබනු ලබන අවස්ථාවේ අසන ප්‍රශ්න

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii)    2016 සහ 2017 වර්ෂ සඳහා ලංකා - ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තා
(iii)    2018 වර්ෂය සඳහා සීදුව - විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව
(iv)    2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(v)    2017 වර්ෂය සඳහා සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(vi)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

(vii)    2020 අංක 7 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2021.02.01 සිට 2021.02.25 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1558 ට 2021 අප්‍රේල් මස 06 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks