පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
“විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන සංශෝධන බාරදීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXVII කොටස; සහ
• 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ II කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආගන්තුක සත්කාරක හා විවේක කළමනාකරණ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජනවාරි 30 දිනැති අංක 2160/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(ii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 සැප්තැම්බර් 11 දිනැති අංක 2192/63 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(iii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමග කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා රුහුණු විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 සැප්තැම්බර් 11 දිනැති අංක 2192/64 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(iv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෙනුවට 2020 ජුනි 13 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය පත්කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජුනි 29 දිනැති අංක 2182/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(v) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට 2020 මැයි 07 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස සම්මානිත මහාචාර්ය කදිර්කාමනාදන් කන්දසාමි මහතා පත්කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජුනි 29 දිනැති අංක 2182/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ජයරත්න හේරත් මහතා
(ii) ගරු දිලිප් වෙදආරච්චි මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු සුජිත් පෙරේරා මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
විවාදය හෙට දින කරගෙන යෑමට නියමිතයි.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1925 ට 2020 ඔක්තෝබර් මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks