බලන්න

E   |     |  

2019 සැප්තැම්බර් මස 05 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 සහ 2017 වර්ෂ සඳහා  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා
(ii)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා  වෙනුවෙන් සභික මන්ත්‍රිනී ගරු සුමේධා ජී. ජයසේන මහත්මිය විසින් පිළිගන්වන ලදී.

(ii)    ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු හර්ෂණ රාජකරුණා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු කරුණාරත්න පරණවිතාන මහතා විසින් පිළිගන්වන ලදී.

(iii)    කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපතිනි ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු එඩ්වඩ් ගුණසේකර මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු කරුණාරත්න පරණවිතාන මහතා

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනයේ පැවැත්වෙන “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ප්‍රදර්ශනය

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග

විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“වී ගොවියන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් මුහුණ පා ඇති ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශෙහාන් සේමසිංහ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1703 ට 2019 සැප්තැම්බර් මස 6 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks