පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : “මරණ දණ්ඩනය අහෝසි කිරීමේ”
‘B’ : “නිවාඩු (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 වර්ෂය සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(iii) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iv) 2018 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v) 2019 අංක 6 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2019.06.01 සිට 2019.07.15 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(vi) ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු පිළිබඳ අතුරු වාර්තාව
(vii) (128 අධිකාරය) කර්මාන්තශාලා ආඥාපනතේ 3 වගන්තිය සමඟ කියවිය යුතු එකී ආඥාපනතේ 105 වගන්තිය යටතේ කර්මාන්තශාලා ලියාපදිංචි කිරීම සහ කර්මාන්තශාලා ගොඩනැගිලි සඳහා අනුමතිය ලබා දීම සම්බන්ධයෙන් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග
(viii) (128 අධිකාරය) කර්මාන්තශාලා ආඥාපනතේ 34 වගන්තිය සමඟ කියවිය යුතු එකී ආඥාපනතේ 105 වගන්තිය යටතේ හුමාල බොයිලේරු ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග
(ix) (128 අධිකාරය) කර්මාන්තශාලා ආඥාපනතේ 34, 35, 36, 36අ, 38 සහ 38අ වගන්ති සමඟ කියවිය යුතු එකී ආඥාපනතේ 105 වගන්තිය යටතේ හුමාල බොයිලේරු සහ අනෙකුත් පීඩන භාජන පරීක්ෂා කිරීම සඳහා සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග
(x) (128 අධිකාරය) කර්මාන්තශාලා ආඥාපනතේ 58අ වගන්ති සමඟ කියවිය යුතු එකී ආඥාපනතේ 105 වගන්තිය යටතේ සේවකයන් අධික ශබ්දයෙන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග
(xi) (128 අධිකාරය) කර්මාන්තශාලා ආඥාපනතේ 13 වගන්තිය සමඟ කියවිය යුතු එකී ආඥාපනතේ 105 වගන්තිය යටතේ ආලෝක කිරීමේ පොදු සම්මත සම්බන්ධයෙන් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රිනී ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
(ii) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා - පෙත්සම් තුනයි
(iii) ගරු ජයන්ත සමරවීර මහතා - පෙත්සම් තුනයි
(iv) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
ධීවරයින් සඳහා බහුදින යාත්‍රා සම්බන්ධයෙන් 2019.08.01 දින ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, ගරු පී. හැරිසන් මහතා විසින් පිළිතුරු සපයන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(i) එකතු කළ අගය මත බදු (සංශෝධන) - 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ
(ii) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) - 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ
ඉහත සඳහන් පනත් කෙටුම්පත් ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලද අතර, විෂය අංක 2 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-
(i) බුද්ධිමය දේපළ පනත යටතේ නියෝග
(ii) ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
කල් තැබීමේ යෝජනාව
“රටේ ඇතැම් ප්‍රදේශයන්හි පවතින නියං තත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු බිමල් රත්නායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1832 ට 2019 අගෝස්තු මස 21 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks