බලන්න

E   |     |  

2019 ජූලි මස 26 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A: “රජයේ ඉඩම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

•    2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XIV කොටස;
•    2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXVI කොටස සහ හයවැනි කාණ්ඩයේ XVIII කොටස;
•    2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XV, XVI, XVII, XVIII, XIX, XX, XXI, XXII, XXIII, XXIV හා XXV කොටස්, සිව්වැනි කාණ්ඩයේ V කොටස, පස්වැනි කාණ්ඩයේ IX කොටස සහ හයවැනි කාණ්ඩයේ I, II, III, IV, V, VI, VII හා VIII කොටස්; සහ
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ II කොටස හා දසවැනි කාණ්ඩයේ VIII, IX, XI, හා XII කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii)    2016 වර්ෂය සඳහා මිල්කො (පුද්) සමාගමේ වාර්ෂික වාර්තාව
(iii)    2016 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් ප්‍රකාශනය

(iv)    2016 වර්ෂය සඳහා ජනාධිපතිවරයාගේ අරමුදල පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව
(v)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 අප්‍රේල් 04 දිනැති අංක 2117/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ජේ. සී. අලවතුවල මහතා                -       පෙත්සම් තුනයි          
(ii)   ගරු කේ. කේ. පියදාස මහතා      
            
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
උතුරු පළාතේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු අර්ජුන රණතුංග මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

(i)    යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සම්බන්ධයෙන් 2019.07.09 දින ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, ගරු පී. හැරිසන් මහතා විසින් පිළිතුරු සපයන ලදී.

(ii)    බ්‍රිතාන්‍යයෙන් අපද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් 2019.07.23 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල් අමාත්‍ය, ගරු මංගල සමරවීර මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු රොෂාන් රණසිංහ මහතා

තමාගේ ප්‍රතිරූපයට සහ දේශපාලනික හා පෞද්ගලික ජීවිතයට හානි කිරීමට උත්සාහ කිරීම

 

කල් තැබීමේ යෝජනාව

“ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1725 ට 2019 ජූලි මස 31 වැනි බදාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks