පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි අවස්ථා විධිවිධාන ප්‍රකාශයට පත් කිරීම
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු සහ ගරු අග්‍රවිනිශ්චයකාරතුමා හා මහාධිකරණ විනිශ්චයකාරවරයන් අතර හමුව පිළිබඳව විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් විසින් සභා ගර්භයේදී මතු කරනු ලැබූ ප්‍රශ්නය සම්බන්ධයෙන්
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) සහ 153ඌ ව්‍යවස්ථා ප්‍රකාරව, 2019 වර්ෂයේ පළමු කාර්තුව (2019.01.01 - 2019.03.31) සඳහා විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව; සහ
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2019 වර්ෂයේ පළමු කාර්තුව (2019.01.01 - 2019.03.31) සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 වර්ෂය සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(ii) 2018 වර්ෂය සඳහා වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iii) 2015 සහ 2016 වර්ෂ සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තා
(iv) 2018 වර්ෂය සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශයේ වාර්ෂික වාර්තාව
(v) 2012 වර්ෂය සඳහා සීමාසහිත ලංකා සතොස ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi) 2017 වර්ෂය සඳහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව
(vii) 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 6, 9, 17, 18 සහ 25 වගන්ති සමඟ කියවිය යුතු එකී පනතේ 204 වගන්තිය යටතේ ගීත හෝ සංගීතමය නිර්මාණවල හිමිකරුවන්ට කර්තෘභාග ගෙවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කර ගැනීම සඳහා සහ සාමූහික සංගම් බලගැන්වීම සම්බන්ධයෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ජුනි 17 දිනැති අංක 2128/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ජෝන් අමරතුංග මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු අජිත් පී. පෙරේරා මහතා
(iii) ගරු වසන්ත අලුවිහාරේ මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු රංජිත් අලුවිහාරේ මහතා
(v) ගරු වාසුදේව නානායක්කාර මහතා - පෙත්සම් දෙකයි
(vi) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා - පෙත්සම් හතරයි
(vii) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - පෙත්සම් හතරයි
(viii) ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය
(ix) ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු මහින්ද රාජපක්ෂ මහතා
රැකියා විරහිත උපාධිධාරීන් සහ බාහිර උපාධිධාරීන් මුහුණ පා ඇති ගැටලු
(ii) ගරු අනුර දිසානායක මහතා
චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමවේදයේ ගැටලු
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“විශ්‍රාමිකයින් මුහුණ දී ඇති වැටුප් විෂමතා” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සී. බී. රත්නායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1854 ට 2019 ජූලි මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks