පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : අලුතින් පිහිටුවන ලද විශේෂ පොලිස් ඒකකයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම
‘B’ : මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීම
‘C’ : ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරයෙක් වෙනුවට නව මන්ත්‍රීවරයෙක් පත් කිරීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii) 2016 වර්ෂය සඳහා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව
(iii) 2018 වර්ෂය සඳහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iv) 2018 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) 2018 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi) 2018 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vii) 2018 වර්ෂය සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(viii) 2018 වර්ෂය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(ix) 2018 වර්ෂය සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(x) 2018 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(xi) 2018 වර්ෂය සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xii) 2018 වර්ෂය සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xiii) 2018 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xiv) 2018 වර්ෂය සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xv) 2018 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xvi) 2018 වර්ෂය සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xvii) 2018.02.23 සිට 2018.10.12 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.04.04 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ දෙවැනි වාර්තාවේ නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන හා උතුරු පළාත් සංවර්ධන සඳහා වන කාර්යාලය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xviii) 2017.06.06 සිට 2017.12.08 දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.02.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පළමුවැනි වාර්තාවේ මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු හර්ෂණ රාජකරුණා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු කේ. කේ. පියදාස මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු රවීන්ද්‍ර සමරවීර මහතා
(ii) ගරු එස්. බී. දිසානායක මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
සමෘද්ධි සහනාධාර ලබාදීමේ දී පැනනැගී ඇති ගැටලුකාරී තත්වය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“රත්නපුර දිස්ත්‍රික්කයේ නියංගම ග්‍රාම නිලධාරී වසමේ සිදුවන වන සංහාරය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු හේෂා විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1848 ට 2019 ජුනි මස 7 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks