බලන්න

E   |     |  

2019 අප්‍රේල් මස 24 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ :  අද දින විවාදයේදී මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු ආකාරය සහ ගරු කථානායකතුමාගේ ඉල්ලීම
‘B’ :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මලිත් ජයතිලක මහතා විසින් පිළිගන්වන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව

1959 අංක 8 දරන පනතින් ද, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වැනි අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන 2019 අප්‍රේල් 22 වැනි දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශනය  ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරනු ලදුව අනුමත විය.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1759 ට 2019 මැයි මස 7 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks