බලන්න

E   |     |  

2019 අප්‍රේල් මස 05 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ :  ගරු කථානායකතුමාගේ නිල නිවසෙහි පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(ii)    2017.07.01 සිට 2017.09.30 දක්වා කාලයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2019.01.24 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවැනි වාර්තාවේ මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු හර්ෂණ රාජකරුණා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු සන්දිත් සමරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු මලිත් ජයතිලක මහතා

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට මුදල් අමාත්‍ය, ගරු මංගල සමරවීර මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

1993 අංක 52 දරන තේ පර්යේෂණ මණ්ඩල පනත සංශෝධනය කිරීම ‍සඳහා වූ

“තේ පර්යේෂණ මණ්ඩල (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2019) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත (2019) - විසිපස්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

2019 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සංශෝධන සහිතව සභාව විසින් අද දින වැඩි ඡන්ද 45 කින් සම්මත කරන ලදී.


පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 75 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -

(ii)    වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(iii)    මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝග දෙකක්
(iv)    රේගු ආඥා පනත යටතේ යෝජනා හතරක්
(v)    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් නමයක්                
(vi)    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් පහළොවක්
(vii)    එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත යටතේ නියෝගයන්  තුනක්
(viii)    සුරාබදු අඥාපනත යටතේ නිවේදනය
(ix)    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන (2016/2017)
(x)    මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන (2016)
(xi)    ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව හා ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන (2016)
(xii)    ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන (2015)
(xiii)    රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන (2014)
(xiv)    රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන (2015)
(xv)    ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන (2014)
(xvi)    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2016)

(xvii)    පරිපූරක මුදල — ශීර්ෂය 260 —  වැඩසටහන 01
(xviii)    පරිපූරක මුදල — ශීර්ෂය 261 —  වැඩසටහන 01
(xix)    පරිපූරක මුදල — ශීර්ෂය 262 —  වැඩසටහන 01
(xx)    පරිපූරක මුදල — ශීර්ෂය 263 —  වැඩසටහන 01
(xxi)    පරිපූරක මුදල — ශීර්ෂය 264 —  වැඩසටහන 01
(xxii)    පරිපූරක මුදල — ශීර්ෂය 265 —  වැඩසටහන 01
(xxiii)    පරිපූරක මුදල — ශීර්ෂය 266 —  වැඩසටහන 01
(xxiv)    පරිපූරක මුදල — ශීර්ෂය 267 —  වැඩසටහන 01
(xxv)    පරිපූරක මුදල — ශීර්ෂය 268 —  වැඩසටහන 01
(xxvi)    පරිපූරක මුදල — ශීර්ෂය 269 —  වැඩසටහන 01
(xxvii)    පරිපූරක මුදල — ශීර්ෂය 270 —  වැඩසටහන 01
(xxviii)    පරිපූරක මුදල — ශීර්ෂය 271 —  වැඩසටහන 01
(xxix)    පරිපූරක මුදල — ශීර්ෂය 272 —  වැඩසටහන 01
(xxx)    පරිපූරක මුදල — ශීර්ෂය 273 —  වැඩසටහන 01
(xxxi)    පරිපූරක මුදල — ශීර්ෂය 274 —  වැඩසටහන 01
(xxxii)    පරිපූරක මුදල — ශීර්ෂය 275 —  වැඩසටහන 01
(xxxiii)    පරිපූරක මුදල — ශීර්ෂය 276 —  වැඩසටහන 01
(xxxiv)    පරිපූරක මුදල — ශීර්ෂය 277 —  වැඩසටහන 01
(xxxv)    පරිපූරක මුදල — ශීර්ෂය 278 —  වැඩසටහන 01
(xxxvi)    පරිපූරක මුදල — ශීර්ෂය 279 —  වැඩසටහන 01
(xxxvii)    පරිපූරක මුදල — ශීර්ෂය 312 —  වැඩසටහන 01 සහ 02
(xxxviii)    පරිපූරක මුදල — ශීර්ෂය 313 —  වැඩසටහන 01 සහ 02
(xxxix)    පරිපූරක මුදල — ශීර්ෂය 314 —  වැඩසටහන 01 සහ 02
(xl)    පරිපූරක මුදල — ශීර්ෂය 315 —  වැඩසටහන 01 සහ 02
(xli)    පරිපූරක මුදල — ශීර්ෂය 316 —  වැඩසටහන 01 සහ 02
(xlii)    පරිපූරක මුදල — ශීර්ෂය 317 —  වැඩසටහන 01 සහ 02
(xliii)    පරිපූරක මුදල — ශීර්ෂය 318 —  වැඩසටහන 01 සහ 02
(xliv)    පරිපූරක මුදල — ශීර්ෂය 319 —  වැඩසටහන 01 සහ 02
(xlv)    පරිපූරක මුදල — ශීර්ෂය 321 —  වැඩසටහන 01 සහ 02
(xlvi)    පරිපූරක මුදල — ශීර්ෂය 162 —  වැඩසටහන 01 සහ 02
(xlvii)    පරිපූරක මුදල — ශීර්ෂය 311 —  වැඩසටහන 01

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1838 ට 2019 මැයි මස 7 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2019]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks