E   |     |  

2019 මාර්තු මස 29 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ජනවාරි 03 දිනැති අංක 2104/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(ii)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 පෙබරවාරි 01 දිනැති අංක 2108/65 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(iii)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 පෙබරවාරි 07 දිනැති අංක 2109/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(iv)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 පෙබරවාරි 08 දිනැති අංක 2109/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(v)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 පෙබරවාරි 24 දිනැති අංක 2111/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(vi)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 02 දිනැති අංක 2112/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(vii)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 පෙබරවාරි 28 දිනැති අංක 2112/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය.
(viii)    (235 අධිකාරය) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව.
(2019 මාර්තු 05 දිනැති අංක 2113/2 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(ix)    2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 (4) වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 අගෝස්තු 14 දිනැති අංක 2084/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු අජිත් පී. පෙරේරා මහතා

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට   2019‍ මාර්තු 27 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118හි විධිවිධාන යටතේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2019) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත (2019) - විසිවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය


පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -

(i)    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(ii)   ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“උතුරු හා නැගෙනහිර පළාත්වල බාහිර උපාධිධාරීන්ට රැකියා ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1924 ට 2019 අප්‍රේල් මස 1 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2019]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks