පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 වර්ෂය සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ii) 2018 වර්ෂය සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ව්‍යාපාර හා වාණිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා
(ii) ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය සහ විල්පත්තු වනාන්තරය සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනා
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ගරු රිසාඩ් බදියුදීන් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2019) - කාරක සභාව
විසර්ජන පනත් කෙටුම්පත (2019) - දහහතරවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී -
(i) කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(ii) කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
(iii) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2013)
(iv) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2014)
(v) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් (2015)
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1918 ට 2019 මාර්තු මස 23 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks