E   |     |  

2019 මාර්තු මස 12 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ :  ඒකාබද්ධ වාර්ෂික මහා සභා රැස්වීම

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ලකී ජයවර්ධන මහතා
(ii)   ගරු සුජිත් සංජය පෙරේරා මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය ස්ථාපිත නොකිරීම

අධ්‍යාපන අමාත්‍ය, ගරු අකිල විරාජ් කාරියවසම් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“2007 අංක 07 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා වූ” 

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු තාරක බාලසූරිය මහතාට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපක‍ාර සංවර්ධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2019) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2019) දෙවැනිවර කියවීමේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි.

විසර්ජන පනත් කෙටුම්පත (2019) දෙවැනිවර කියවීම සභාව විසින් සම්මත කරන ලදී. පැවැත්වූ ඡන්ද විමසීමේ දී, එයට පක්ෂව ඡන්ද 119 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 76 ක් ප්‍රකාශ විය.

විසර්ජන පනත් කෙටුම්පත (2019) පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1809 ට 2019 මාර්තු මස 13 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2019]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks