E   |     |  

2019 මාර්තු මස 09 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තා

 

අමාත්‍යාංශ නිවේදන

මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයින් සඳහා ප්‍රදීපාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් 2019.02.20 දින ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, ගරු සාගල රත්නායක මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2019) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2019) දෙවැනිවර කියවීමේ විවාදයේ සිව්වැනි වෙන් කළ දිනය අදයි.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2019) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1835 ට 2019 මාර්තු මස 11 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2019]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks