E   |     |  

2019 මාර්තු මස 05 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අයවැය ඇස්තමේන්තු කෙටුම්පත්
(ii)  2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 4 සහ 7 වගන්ති යටතේ නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව - 2019

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

‍විසර්ජන පනත් කෙටුම්පත (2019) - දෙවැනිවර කියවීම

මුදල් අමාත්‍ය, ගරු මංගල සමරවීර මහතා ප.ව. 02.00 ට '2019 අයවැය කථාව' පැවැත්වීය.

 

කථානායකතුමාගේ නිවේදනය

2019 විසර්ජන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේ දී යෝජනා කිරීමට නියමිත සියලුම සංශෝධන 2019 මාර්තු 08 වැනි සිකුරාදා අපර භාග 3.00 ට ‍හෝ ඊට ප්‍රථම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත භාරදිය යුතු බව.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2019) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1617 ට 2019 මාර්තු මස 6 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2019]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks