පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41උ (1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමුවැනි වාර්තාව
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2015 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ලකී ජයවර්ධන මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු ඒ. ඒ. විජේතුංග මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) තිරසර සංවර්ධන සහ පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු සන්දිත් සමරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු මුජිබුර් රහුමාන් මහතා විසින් පිළිගන්වන ලදී.
(iv) ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු හර්ෂණ රාජකරුණා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු වසන්ත අලුවිහාරේ මහතා
(ii) ගරු සිරිනාල් ද මෙල් මහතා
(iii) ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු මහින්ද රාජපක්ෂ මහතා
ආබාධීත පොලිස් නිලධාරීන් මුහුණ පා ඇති ගැටලු
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජයවර්ධන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු අනුර දිසානායක මහතා
සිංහරාජ වනාන්තර ප්‍රදේශයේ මාර්ගයක් ඉදිකිරීම
මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය, ගරු අජිත් මාන්නප්පෙරුම මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(iii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
උතුරු පළාත තුළ ඇති වූ ගංවතුර ආපදාව සඳහා වන්දි මුදල් ගෙවීම
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, ගරු පී. හැරිසන් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්නයට පිළිතුරු
රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මිලට වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් 2019.01.25 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල් රාජ්‍ය අමාත්‍ය, ගරු ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පිළිතුරු සපයන ලදී.
කල් තැබීමේ යෝජනාව
“අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව (2017.07.01 සිට 2017.09.30 දක්වා)” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1844 ට 2019 පෙබරවාරි මස 20 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks