E   |     |  

2018 නොවැම්බර් මස 30 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ජනරජයේ අරමුදල්වලින් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ පෞද්ගලික  කාර්ය මණ්ඩල සඳහා කිසිදු වියදමක් අනුමත කිරීමට කවර හා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට කිසිදු බලයක් නොමැති බව සම්බන්ධයෙන් වූ යෝජනාව (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 122; විරුද්ධව 0) සභාව විසින් අනුමත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1200 ට 2018 දෙසැම්බර් මස 5 වැනි බදාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks