පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස මන්ත්‍රීන් පත් කිරීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 අංක 30 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2018.07.01 සිට 2018.08.15 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(ii) 2016 වර්ෂයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
රටේ පවත්නා නියං තත්වය
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 112හි විධිවිධානවල සහ 2018 ජූනි 20 හා 2018 ජූලි 17 දිනයන්හි පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවල කුමක් සඳහන්ව තිබුණද, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මන්ත්‍රීවරයන් එකොළොස් දෙනෙකුගෙන් (11) සමන්විත විය යුතු බවට වන යෝජනාව පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එකඟ විය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 32 සිට 34 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී -
(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය
(ii) වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iii) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග
කල් තැබීමේ යෝජනාව
“උත්සව සහ සංචාර සංවිධානය කරන රාජ්‍යතාන්ත්‍රිකයින් (දේශීය සහ විදේශීය) විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු බිමල් රත්නායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1822 ට 2018 සැප්තැම්බර් මස 18 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks