පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1996 අංක 9 දරන තානාපති වරප්‍රසාද පනතේ 4 වැනි වගන්තිය යටතේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සාදනු ලදුව 2016 ඔක්තෝබර් 5 දිනැති අංක 1987/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමය
(ii) 2017 කෙටුම්පත් ඇස්තමේන්තුවල පාඨ ආදියෙහි යෝජිත වෙනස් කිරීම් ලැයිස්තුව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එහි සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී
(ii) නෛතික කටයුතු (දූෂණ විරෝධි) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එහි සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු මහින්ද සමරසිංහ මහතා
(ii) ගරු එච්. ආර්. සාරතී දුෂ්මන්ත මහතා
(iii) ගරු ජේ. සී. අලවතුවල මහතා
(iv) ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා
(v) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - පෙත්සම් දහයයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2017) - කාරක සභාව
2017 විසර්ජන පනත් කෙටුම්පතේ හත්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“පුත්තලම මූලික රෝහල ජාතික රෝහලක් බවට උසස් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මොහොමඩ් නවවි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1743 ට 2016 නොවැම්බර් මස 21 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks