පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2014 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු ඒ. එච්. එම්. ෆවුසි මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු අනුර දිසානායක මහතා - පෙත්සම් හතරයි
(iii) ගරු පාලිත තෙවරප්පෙරුම මහතා - පෙත්සම් පහයි
(iv) ගරු හර්ෂණ රාජකරුණා මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“මඩකලපුව තරුණ ක්‍රිස්තියානි සංගමය (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2016) - කාරක සභාව
2016 විසර්ජන පනත් කෙටුම්පතේ දහතුන්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ අර්බුදය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඒ. ඒ. විජේතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1910 ට 2015 දෙසැම්බර් මස 8 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks