පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීන්ගේ ප්‍රතිඥාව හෝ දිවුරුම
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී;
කථානායකතුමාගේ නිවේදන
‘A’ සහ ‘B’: පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සරත් මායාදුන්නේ මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චාමර සම්පත් දසනායක මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපි
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාර 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XI සහ XII වැනි කොටස් සහ තුන්වැනි කාණ්ඩයේ III සහ IV වැනි කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ
(ii) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ
(iii) 2014 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ
කාර්ය සාධන වාර්තා
(iv) 2015 වර්ෂය සඳහා වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
(v) 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2015
(vi) 2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනතේ 2 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 ජුනි මස 25 දිනැති අංක 1920/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
“ඇවන්ගාර්ඩ්” සිද්ධිය පිළිබඳ ප්‍රකාශය
අමාත්‍යාංශ නිවේදන
(i) අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා - ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව පිළිබඳව
(ii) නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ගරු තිලක් මාරපන මහතා - සේයාගේ ඝාතනය පිළිබඳව
සභාවේ දී නිවේදන ඉදිරිපත් කළහ.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු මුදල් අමාත්‍යතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:-
(i) දේශීය ආදායම් (සංශෝධන) - 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා
(ii) එකතු කළ අගය මත බදු (සංශෝධන) - 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා
(iii) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) - 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා
(iv) මුදල් - මත්පැන් අලෙවිහල් සහ තැබෑරුම් අය බද්ද, කැසිනෝ කර්මාන්ත අය බද්ද, සුපිරි වාසි බද්ද, ජංගම දුරකථන ක්‍රියාකරු අය බද්ද, නිවාස සඳහා සෘජු චන්ද්‍රිකා සේවා අය බද්ද, චන්ද්‍රිකා ස්ථාන අය බද්ද, ක්‍රීඩා සඳහා වෙන් වූ නාලිකා අය බද්ද, මන්දිර බද්ද, විගමන බද්ද සහ මෝටර් වාහන ආනයනකරුවන්ගේ බලපත්‍ර ගාස්තුව පැනවීම සඳහා විධිවිධාන සැලස්වීම පිණිස ද, ඊට සම්බන්ධ හා ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද
(v) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) - 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සංශෝධනය කිරීම පිණිස
(vi) විදුලි සංදේශ බදු (සංශෝධන) - 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා
(vii) ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන) - 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත සංශෝධනය කිරීම පිණිස
තේරීම් කාරක සභාව
ස්ථාවර නියෝග අංක 121හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, පවත්නා සැසි වාරයේ සේවය සඳහා වූ තේරීම් කාරක සභාව කථානායකතුමාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයන් වන පාර්ලිමේන්තුව විසින් නම් කරන ලද මන්ත්‍රීන් දහනව දෙනෙකුගෙන් (19) සමන්විත විය යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එයට එකඟ විය.
තවද, අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාර, මෙම කාරක සභාවේ සභාපති වන ගරු කථානායකතුමාට අතිරේකව, පහත නම් සඳහන් මන්ත්‍රීන් දහනව දෙනා (19) පවත්නා සැසිවාරය තුළදී තේරීම් කාරක සභාවේ සේවය කළ යුතු බවට වන යෝජනාවක් ද පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එයට එකඟ විය;
ගරු ජෝන් අමරතුංග මහතා
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගරු රවුෆ් හකීම් මහතා
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ගරු මහින්ද සමරසිංහ මහතා
ගරු රවී කරුණානායක මහතා
ගරු රිසාඩ් බදියුදීන් මහතා
ගරු පාඨලී චම්පික රණවක මහතා
ගරු දුමින්ද දිසානායක මහතා
ගරු කබීර් හෂීම් මහතා
ගරු (ආචාර්ය) විජයදාස රාජපක්‍ෂ මහතා
ගරු ගයන්ත කරුණාතිලක මහතා
ගරු මනෝ ගනේසන් මහතා
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ගරු විජිත හේරත් මහතා
ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා
ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව
සභාව විසින් සම්මත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“පිළිගත් පරිපාටිය උල්ලංඝනය කරමින් රාජ්‍ය අංශයේ සිදුකරන බඳවා ගැනීම්” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2015 සැප්තැම්බර් මස 23 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks