පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ මංගල රැස්වීම අද දින පෙ.ව. 9.30 ට ආරම්භ විය.
රැස්වීම කැඳවීම පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශනය පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් කියවා කථානායකවරයෙකු ඡන්දයෙන් තෝරා පත් කිරීමෙහි වහාම නිරත විය.
කථානායකවරයා ඡන්දයෙන් තෝරා පත් කිරීම
8 වැනි අභිනව පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කරු ජයසූරිය මහතාගේ නම පිළිවෙළින් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පා.ම. සහ ගරු නිමල් සිරිපාල ද සිල්වා, පා.ම. යන මහත්වරුන් විසින් යෝජනා කර ස්ථිර කරන ලදී. එවිට අභිනව කථානායකවරයා වශයෙන් තෝරා පත් කරනු ලැබූ ගරු කරු ජයසූරිය මහතා යෝජක හා ස්ථිරකරු විසින් මූලාසනය වෙත කැඳවාගෙන යනු ලැබීය. ගරු කථානායකතුමා මූලාසනය වෙත පැමිණ අසුන් ගැනීමට පෙර ඉතා ලුහුඬින් සභාවට ස්තූති කළේය. ඉන්පසු ගරු කථානායකතුමා මූලාසනාරූඪ වී නීති ප්‍රකාරව ප්‍රතිඥා දීම සහ පොතෙහි අත්සන් තැබීම සිදු කළේය.
පසුව, පැමිණ සිටි සියලුම ගරු මන්ත්‍රීවරු ස්වකීය ප්‍රතිඥා දීමෙහි හෝ දිවුරුම් දීමෙහි හෝ නිරත වී සභා මේසය මත තිබෙන පොතෙහි අත්සන් තැබූහ.
ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ විවිධ දේශපාලන පක්ෂවල නායකයන් විසින් සතුට පළ කෙරෙන කථා පවත්වනු ලැබීය. ගරු කථානායකතුමා විසින් ඊට පිළිතුරු කථාවක් පවත්වන ලදී.
නියෝජ්‍ය කථානායකවරයා ඡන්දයෙන් තෝරා පත් කිරීම
8 වැනි අභිනව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිලංග සුමතිපාල මහතාගේ නම පිළිවෙළින් ගරු නිමල් සිරිපාල ද සිල්වා, පා.ම. සහ ගරු රවුෆ් හකීම්, පා.ම. යන මහත්වරුන් විසින් යෝජනා කර ස්ථිර කරන ලදී.
නියෝජ්‍ය කාරක සභාපතිවරයා ඡන්දයෙන් තෝරා පත් කිරීම
8 වැනි අභිනව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතාගේ නම පිළිවෙළින් ගරු එම්.ඒ. සුමන්තිරන්, පා.ම. සහ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම. යන මහත්වරුන් විසින් යෝජනා කර ස්ථිර කරන ලදී.
කථානායකතුමාගේ නිවේදන
අභිනව පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් පිළිවෙළින් ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම. සහ ගරු ගයන්ත කරුණාතිලක, පා.ම. යන මහත්වරුන් පත් කරන ලදී.
ගරු කථානායකතුමා විසින් රැස්වීම ප.ව. 3.00 දක්වා තාවකාලිකව අත්හිටුවන ලදී.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම
සභාව ප.ව. 3.00 ට යළිත් එක්රුස් වූ අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී.
2015 සැප්තැම්බර් මස 03 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය යුතු බවට වන කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
ඊට අනුකූලව, පාර්ලිමේන්තුව පැය 1537 ට 2015 සැප්තැම්බර් මස 3 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks






