බලන්න

E   |     |  

2015 මැයි මස 21 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

පහත සඳහන් නිවේදනය කරන ලදී -

‘A’     : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2014 වර්ෂය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ
(ii)   2014 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

(iii)    2014 අංක 41 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම -2015

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු ජයන්ත කැට‍ගොඩ මහතා
(ii)   ගරු අශෝක් අබේසිංහ මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)

 

ස්ථාවර නියෝග 23(2) යට‍තේ ප්‍රශ්න

(i)  ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
“ගෝල්ඩන් කී” තැන්පත්කරුවන්ට ලබාදීමට නියමිත සහනය සම්බන්ධයෙන්

(ii)  ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනය දිස්ත්‍රික්කයේ එළවළු වගාකරුවන්ට ඇති වෙළඳපොළ පහසුකම් හිඟය සම්බන්ධයෙන්

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ජාතික ගුරු අධ්‍යාපන අධිකාරිය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත

සභාව විසින් සම්මත කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“මහ බැංකුවේ 2015 බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ස්ථාවර නියෝග 17(2) යටතේ ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2015 මැයි මස 22 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks