බලන්න

E   |     |  

2015 අප්‍රේල් මස 27 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් සලකා බැලීම සඳහා 139 වැනි ස්ථාවර නියෝගය යටතේ ගරු කථානායකතුමා විසින් ස්ථාවර කාරක සභා (ව්‍යවස්ථාදායක) පත් කිරීම:-

අල් ජමියාතුල් හ්හව්සියා
චම්පික ප්‍රේමදාස ප්‍රජා සංවර්ධන පදනම
ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2011 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ
(ii)   2012 වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ

වාර්ෂික වාර්තා

(iii)    1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන‍ ලදුව 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

(iv)    සිංගප්පූර් ජනරජ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව අතර ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මග හැරීම වැළැක්වීම සඳහා 2014 අප්‍රේල් 03 වැනි දින ඇතිකර ගත් ගිවිසුම

(v)    2014 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති කටයුතු
(ii)   පරිසර හා පුනර්ජනනීය බලශක්ති කටයුතු

පිළිබඳ උපදේශක කාරක සභාවල වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(351 වන අධිකාරය වූ) ආගාමික හා විගාමික පනත සංශෝධනය කිරීම පිණිස වූ

“ආගාමික හා විගාමික (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

විවාදය හෙට දින කරගෙන යෑමට නියමිතයි.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2030 ට 2015 අප්‍රේල් මස 28 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks