පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
පහත සඳහන් නිවේදන කරන ලදී -
‘A’ : “දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” යන නමින් යුත් පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
‘B’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2011/2012 වර්ෂය සඳහා සීමාසහිත ලංකා ලොජිස්ටික්ස් සහ ටෙක්නොලොජීස් සමාගමේ
(ii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ
(iii) 2012 වර්ෂය සඳහා සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ
වාර්ෂික වාර්තා
(iv) 2013 අංක 36 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම -2014
(v) 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනතේ 2 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 මාර්තු 17 දිනැති අංක 1906/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
හත්වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු පී. හැරිසන් මහතා
(ii) ගරු අනුර දිසානායක මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පිළිබඳව එල්ල වන සියලු චෝදනා සම්බන්ධයෙන්
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා”
වෙන් වෙන් වශයෙන් පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කිරීමට ගරු රාජිව විජේසිංහ මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත් අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1520 ට 2015 අප්‍රේල් මස 10 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks