බලන්න

E   |     |  

2015 අප්‍රේල් මස 8 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු ඩග්ලස් දේවානන්ද මහතා
(ii)   ගරු විජිත හේරත් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අවලංගු කිරීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන්

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

1997 අංක 32 දරන ජාතික ගුරු අධ්‍යාපන අධිකාරිය පනත ඉවත් කිරීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැළැස්වීම සඳහා වූ

“ජාතික ගුරු අධ්‍යාපන අධිකාරිය (ඉවත් කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

හිමිකම් ලියාපදිංචි කිරීමේ  පනත යටතේ නියෝග දෙකක්

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“වාහන සඳහා බදු සහන ලබා දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1810 ට 2015 අප්‍රේල් මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks