බලන්න

E   |     |  

2015 මාර්තු මස 6 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු චන්දිම වීරක්කොඩි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

පහත සඳහන් නිවේදන කරන ලදී -

‘A’     : ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීම
‘B’     : 2015 මාර්තු මස 13 වැනි දින ආරක්ෂක විධිවිධාන

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2012 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(ii)   කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය පිටුදැකීම සඳහා වන විපක්ෂ නායක කොමිෂන් වාර්තාව

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i) ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
රාජ්‍ය ආයතනවල දේශපාලන පලිගැනීම්

(ii) ගරු අනුර දිසානායක මහතා
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අනුයුක්තව සිටි උපාධිධාරීන්ට මුහුණපෑමට සිදුවී ඇති ගැ‍ටලුකාරී තත්වය

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ජාතික ‍‍‍ඖෂධ නියාමන අධිකාරිය පනත් කෙටුම්පත

ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 68; විරුද්ධව 01) සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“පසුගිය රජය මගින් ආරම්භ කරන ලද සංවර්ධන කටයුතු ඇණහිටීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2015 මාර්තු මස 13 වැනි සිකුරාදා පැය 1500 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks