පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
පහත සඳහන් නිවේදනය කරන ලදී -
‘A’ : පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ
(ii) 2013/2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ
(iii) 2012 වර්ෂය සඳහා පුනරුත්ථාපන අධිකාරියේ
වාර්ෂික වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු කරුපයියා වේලායුදම් මහතා - පෙත්සම් දහතුනයි
(ii) ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)
උපදේශක කාරක සභා
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට සභාව එකඟ විය;
මතු දැක්වෙන පරිදි උපදේශක කාරක සභා තිස් එකක් (31) පත් කළ යුතු ය -
1. ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
2. මහවැලි සංවර්ධන හා පරිසර කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
3. ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
4. මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
5. ස්වදේශ කටයුතු හා ධීවර කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
6. ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
7. විදේශ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
8. රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ උපදේශක කාරක සභාව
9. බුද්ධ ශාසන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
10. වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
11. මුදල් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
12. නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
13. විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
14. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
15. වාරිමාර්ග හා කෘෂිකර්ම කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
16. මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
17. ඉඩම් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
18. නිවාස හා සමෘද්ධි කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
19. අධිකරණ හා කම්කරු සබඳතා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
20. ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
21. සංචාරක හා ක්‍රීඩා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
22. වරාය, නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
23. කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
24. වතු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
25. නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්කරණය හා හින්දු ආගමික කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
26. අධ්‍යාපන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
27. විදේශ රැකියා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
28. අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
29. සමාජසේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
30. කාන්තා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
31. මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව
අංක 109 දරන ස්ථාවර නියෝගය අනුව කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම සඳහා එක් එක් උපදේශක කාරක සභාව පස් දෙනෙකුට (5) නොඅඩු සහ විසිපස් දෙනෙකුට (25) නොවැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.
එක් එක් උපදේශක කාරක සභාවේ ගණපූරණය සඳහා මන්ත්‍රීන් තුන් දෙනෙකු (3) අවශ්‍ය විය යුතු ය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“රවීචන්ද්‍ර පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මියට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජසේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
සභාව විසින් සම්මත කරන ලදුව පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාව 2015 මාර්තු මස 06 වැනි සිකුරාදා දක්වා කල් දමන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“පසුගිය රජය විසින් මහජන මුදල් අයථා ලෙස භාවිතා කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1850 ට 2015 මාර්තු මස 6 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks