බලන්න

E   |     |  

2015 පෙබරවාරි මස 19 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු චමල් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

පහත සඳහන් නිවේදනය කරන ලදී -

‘A’   : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2012 වර්ෂය සඳහා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු කරුපයියා වේලායුදම් මහතා - පෙත්සම් පහළොවයි
(ii)    ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව කල් දැමීම’ පිළිබඳව ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රකාශයක් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“සුජීව සේනසිංහ පදනම (සංස්ථාගත කිරී‍මේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නලින් බණ්ඩාර ජයමහ මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජසේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1847 ට 2015 පෙබරවාරි මස 20 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks