01

E   |     |  

 දිනය: 2018-06-21   පිළිතුර ලබා දී ඇත 

0487/2018: Chief Post Master's Office in Mullaitivu which which was functioning till 2009

487/’18

ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා,— තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් තැපැල් අධිකාරි කාර්යාලය යුද සමයේදී වසා දැමූ බවත්;

             (ii)       නැවත පදිංචි කිරීම් කටයුතු ආරම්භ වීමෙන් පසු අනෙකුත් සියලු කාර්යාල නැවත ආරම්භ කළද, මෙම කාර්යාලය පමණක් මේ දක්වා ආරම්භ කර නොමැති බවත්;

(iii) එබැවින්, කිලෝ මීටර් 100ක් පමණ ඈතින් පිහිටි වවුනියාව දිස්ත්‍රික් තැපැල් කාර්යාලයට ‍ගොස් තමන්ගේ තැපෑලට අදාළ ගැටලු ඉදිරිපත් කිරීමේ ඉතා අසීරු තත්ත්වයට මුලතිව් දිස්ත්‍රික් ජනතාව මුහුණ දී සිටින බවත්;

(iv) මෙම කාර්යාලය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් මා විසින්  2017.07.07 දිනැතිව ලිඛිත ඉල්ලීමක් යොමුකළ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, මුලතිව් දිස්ත්‍රික් තැපැල් අධිකාරි කාර්යාලය ඉතා කඩිනමින් නැවත විවෘත කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-21

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks