01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0483/2018: Radio Channels

1749/’17

ගරු ලකී ජයවර්ධන මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන ගුවන් විදුලි නාලිකා සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම ගුවන් විදුලි නාලිකා පවත්වාගෙන යනු ලබන ආයතන කවරේද;

           (iii)      එම ගුවන් විදුලි නාලිකාවල හිමිකරුවන් සහ එම නාලිකා ආරම්භ කර ඇති දිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ආරම්භකර විකාශනය පවත්වාගෙන නොයන  ගුවන් විදුලි නාලිකා තිබේද,

(v) එසේ නම්, එම නාලිකා කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ගුවන් විදුලි නාලිකා නියාමනය කරනු ලබන ආයතනය කවරේද;

(ii) දැනට එම ගුවන් විදුලි නාලිකා නියාමනය විධිමත්ව සිදු නොවන බව  පිළිගන්නේද;

(iii) සමාජ හානියන් සිදුවන අයුරින් යම් යම් ගුවන් විදුලි නාලිකා මඟින් සිදු කරනු ලබන ප්‍රචාරයන් විකාශනය කිරීම වැළැක්වීම සඳහා ගුවන් විදුලි නාලිකා නියාමනය කිරීමට විධිමත් ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්නේද;

(iv) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-21

අසන ලද්දේ

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks