02

E   |     |  

 දිනය: 2018-06-08   පිළිතුර ලබා දී ඇත 

0476/2018: Swetha Ganthira teledrama showing a woman smoking onscreen

476/’18

ගරු විමලවීර දිසානායක මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)      2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනතට අනුව මත්පැන් හා දුම්පානය කිරීමේ දර්ශන ඇතුළත් ටෙලිනාට්‍ය, චිත්‍රපට හෝ දැන්වීම් ප්‍රචාරය තහනම් බව එතුමා දන්නෙහිද?

 

(ආ)        (i)      එසේ නම්, ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පාලනය කෙරෙන ස්වාධීන රූපවාහිනී නාලිකාව 2017.02.11 වැනි දින ප.ව. 7.30ත් 8.00 ත් අතර විකාශය කළ “ස්වේත ගංතිර” ටෙලි නාට්‍යයේ ජවනිකාවක, නිළියක දුම්පානය කරන අයුරු ඉතා පැහැදිලි ලෙස ප්‍රදර්ශනය කළ බවත්;

(ii) විශේෂයෙන් කාන්තාවක් දුම්පානය කරන දර්ශන විකාශය කිරීම හේතුවෙන් දුම්පානය සඳහා උත්තේජනයක් ඇති වියහැකි බවත්;

(iii) පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක විධිවිධාන රජයේ ජනමාධ්‍ය ආයතනයක් විසින්ම කඩ කර ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) එම විකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර මින් ඉදිරියට එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2018-06-08

අසන ලද්දේ

ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks