පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
473/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ඌව පළාත් සභාව තුළ සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් අංක SIN/B/AG/KI/2017/02 හා 2017.04.20 දිනැති විමර්ශන වාර්තාවක් ඌව පළාත් ප්‍රධාන ලේකම් වෙත යවා ඇති අතර එම වාර්තාවේ පෙර පාසැල් සඳහා බෑග් ලබාදීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීම සම්බන්ධයෙන් අනාවරණය කර ඇති ඡේද අංක 5 (අ) (i) සිට (v) දක්වා කරුණු මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;
(ii) එම අනාවරණයන්ට අදාළව (ආ) i සිට iii දක්වා සිදු කර ඇති නිරීක්ෂණ ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-08
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
473/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ඌව පළාත් සභාව තුළ සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් අංක SIN/B/AG/KI/2017/02 හා 2017.04.20 දිනැති විමර්ශන වාර්තාවක් ඌව පළාත් ප්‍රධාන ලේකම් වෙත යවා ඇති අතර එම වාර්තාවේ පෙර පාසැල් සඳහා බෑග් ලබාදීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීම සම්බන්ධයෙන් අනාවරණය කර ඇති ඡේද අංක 5 (අ) (i) සිට (v) දක්වා කරුණු මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;
ඇමුණුම 01හි මෙසේ දැක්වෙනවා:
''පෙර පාසල් සඳහා බෑග් ලබාදීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීම.
(අ) මේ සම්බන්ධයෙන් පහත සඳහන් අනාවරණයන් කරනු ලැබේ.
(i) උක්ත කරුණට අදාළව පළාත් සභාව වෙත වෙන් වී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් පෙර පාසල් සිසුන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත පාසල් බෑගයක් ලබා දීම සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදෙන ලෙස ඌව පළාත් අමාත්‍ය කාර්යාලය ලිපි ශීර්ෂ යොදාගෙන ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දක්වා අත්සන් කර 2015 නොවැම්බර් 10 දිනැති අංක ඌව/ප්‍ර/අමා/01 දරන ලිපිය මඟින් ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන ආයතනවලින් ඉල්ලීමක් කර තිබුණි. මෙයට ප්‍රතිචාර වශයෙන් ලංකා බැංකුව හා මහජන බැංකුව විසින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබා දී තිබුණි. විස්තර පහත දැක්වේ.
|
බැංකුව |
චෙක්පත් අංකය |
මුදල රු. |
|
ලංකා බැංකුව |
833861 |
1,000,000 |
|
මහජන බැංකුව |
109034 |
2,500,000 |
|
|
|
3,500,000 |
(ii) අංක ජේ.කළ/බදු/ආර්එස් හා 2015 දෙසැම්බර් 09 දිනැති ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුගේ ලිපිය මඟින් ඉහත කාර්යයට සත්කාරයක් වශයෙන් අංක 833861 දරන චෙක්පත මඟින් රුපියල් මිලියන 01ක් එවන බවත්, ලංකා බැංකුවේ "රන් කැකුළු" ගිණුම ප්‍රවර්ධනය කිරීම සඳහා පාසල් පොත් බෑගයට "රන් කැකුළු" ගිණුම් ලාංඡනය යෙදවීමටත් යෝජනා කර තිබුණි.
(iii) මෙම බැංකු දෙකෙන්ම අදාළ චෙක්පත් "ප්‍රධාන අමාත්‍ය ඌව පළාත්" නමින් "ආදායකයාගේ ගිණුමට පමණයි" යන්න රේඛනය කර ලබා දී තිබූ අතර, එම චෙක්පත් කිසිවක් ප්‍රධාන ලේකම් යටතේ ඇති පළාත් අරමුදලේ ක්‍රියාත්මක වන බදුල්ල මහජන බැංකුවේ මුතියංගන ශාඛාවේ අංක 269-100178440329 දරන ගිණුමට හෝ ලංකා බැංකුවේ බදුල්ල ශාඛාවේ අංක 8473604 දරන ගිණුමට හෝ ප්‍රධාන අමාත්‍යාංශය යටතේ පවතින මහජන බැංකුවේ බදුල්ල ශාඛාවේ අංක 269-1-001-2-8440483 දරන ගිණුමට හෝ ප්‍රධාන අමාත්‍ය අරමුදලේ මහජන බැංකුවේ බදුල්ල ශාඛාවේ අංක 269-1-001-1-8440662 දරන ගිණුමට හෝ බැරවී නොතිබුණු බව එම ගිණුම් භාර ගණකාධිකාරිවරුන් විසින් තහවුරු කර ඇත.
(iv) පළාත් මුදල් රීති 170.2.1 ප්‍රකාරව යම් නිශ්චිත කටයුත්තකට යෙදවීමට ඉල්ලුම් කරමින් ලැබෙන මුදල් තාවකාලික තැන්පත් ගිණුමක තැන්පත් කරවා ඒ සඳහා වියදම් දැරීමට අනුමැතිය ලබාගත යුතුය. පළාත් මුදල් රීති 170.2.2 ප්‍රකාරව තෑගි මුදල් ලැබුණේ යම් විශේෂ යෝජනා සඳහා නම් පළාත් සභාවේ අනුමැතියට යටත්ව එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලස්වා ගැනීමට පියවර ගත යුතුය. එසේ අනුමැතිය ලද පසු තැන්පත් ගිණුමේ රඳවා ඇති ත්‍යාග මුදල් පළාත් ආදායමට බැර කර ඉදිරි කටයුතු කළ යුතුය. යම් ලෙසකින් පළාත් සභා අනුමැතිය නොලදහොත් අදාළ ත්‍යාග මුදල පරිත්‍යාග දායකයින්ට නොපමාව ආපසු ගෙවිය යුතුය.
(v) 2015 හා 2016 වර්ෂවලදී ඌව පළාතේ පළාත් පාලන ආයතන 23ක් හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පෙර පාසල් සිසුන් සඳහා බෑග් මිලදීගෙන බෙදා හැරීම සඳහා රු.4,665,425ක මුදලක් පහත පරිදි වැය කර තිබූ අතර, එම සම්පූර්ණ මුදලම එක් එක් පළාත් පාලන ආයතනවල අරමුදල් මඟින්ද පළාත් සභා අරමුදලින්ද ගෙවා ඇති බව අනාවරණය වේ. ''
(අ) (ii) ඔව්.
එම අනාවරණයන්ට අදාළව (ආ) (i) සිට (iii) දක්වා සිදු කර ඇති නිරීක්ෂණ ඇමුණුම 02 මඟින් දක්වා ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2018-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks