01

E   |     |  

 දිනය: 2018-07-18   පිළිතුර ලබා දී ඇත 

0443/2018: Taxes on kerosene imports

443/’18

ගරු ජයන්ත සමරවීර මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       භූමිතෙල් මෙරටට ආනයනය කිරීමේදී භූමිතෙල් ලීටරයක් වෙනුවෙන් රජය විසින් අයකරනු ලබන ආනයන බද්ද කොපමණද;

             (ii)       භූමිතෙල් සඳහා රජය විසින් ආනයන බද්ද හැර වෙනත් බදු අය කරන්නේද; 

(iii) එසේ නම්, එම බදු වර්ග කවරේද;

(iv) එක් ලීටරයක් සඳහා අයකරනු ලබන බදු ප්‍රමාණය, එක් එක් බදු  වර්ගය අනුව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) භූමිතෙල් ලීටරයක් සඳහා රජය විසින් අයකරනු ලබන මුළු බදු ප්‍රමාණය, භූමිතෙල් ලීටරයක සිල්ලර මි‍ලෙහි කවර ප්‍රතිශතයක්ද; 

(ii) භූමිතෙල් සඳහා රජය විසින් අයකරනු ලබන සියලු බදු ඉවත් කළහොත්, පාරිභෝගිකයාට භූමිතෙල් ලීටරයක් ලබා දිය හැකි සිල්ලර මිල කොපමණද;   

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-18

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks