04

E   |     |  

 දිනය: 2018-06-08   පිළිතුර ලබා දී ඇත 

0409/2018: Supply of Drinking Water and Projects for same - Puttlam District - 1983/ up to 2009/ post war

409/’18

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      1983 වර්ෂය වනවිට පුත්තලම දිස්ත්‍රික්කය තුළ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් පිරිසිදු පානීය ජලය සපයනු ලැබ තිබූ නිවාස සංඛ්‍යාව කොපමණද;

             (ii)      මේ වනවිට පිරිසිදු පානීය ජලය සපයනු ලබන නිවාස සංඛ්‍යාව කොපමණද;

(iii) 1983 වර්ෂයෙන් පසුව යුදමය තත්ත්වය නිමවන තුරු පානීය ජලය ලබා දීම වෙනුවෙන් එක් එක්  වර්ෂය සඳහා රජය විසින් වෙන් කරන ලද මුළු මුදල කොපමණද;

(iv) යුදමය තත්ත්වය නිම වීමෙන් පසු 2015 වර්ෂය වනතෙක් පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති වෙනුවෙන් රජය වෙන් කරන ලද මුළු මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ඉහත සියල්ලෙහිම ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-08

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks