01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0393/2018: Ministerial Posts for Development of Provinces and provisions for the same

393/’18

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ පළාත් සංවර්ධනය සඳහා මධ්‍යම රජය මඟින් ලබා දී ඇති නව අමාත්‍ය ධූරයන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම අමාත්‍යාංශ වෙන් වෙන් වශයෙන් ‍කවරේද;

(iii) එම අමාත්‍යාංශ සඳහා 2017 වර්ෂයට වෙන් කර තිබූ ප්‍රතිපාදනය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) සබරගමු සංවර්ධන අමාත්‍යාංශය මඟින් ව්‍යාපෘති සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබුනේද;

(ii) එසේ නම්, එම ප්‍රතිපාදනය කොපමණද;

(iii) එම ව්‍යාපෘති කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-22

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks