01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0307/2018: LTL Projects (Pvt) Ltd. and LTL company

1330/’16

ගරු බුද්ධික පතිරණ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       සීමාසහිත ලංකා ‍ට්‍රාන්ස්ෆෝමර්ස්  (LTL)  සමාගමෙහි උප සමාගමක් ලෙස LTL ප්‍රොජෙක්ට්ස් සමාගම පිහිටවූ දිනය කවරේද;

             (ii)       LTL සමාගමට එහි 100% ක අයිතිය තිබේද;

(iii) එහි වර්තමාන අයිතිකරුවන් කවුරුන්ද;

(iv) මේ වනවිට LTL සමාගමට LTL ප්‍රොජෙක්ට්ස් සමාගමේ කොටස් හිමිවී තිබේද;

(v) LTL සමාගම සතු LTL ප්‍රොජෙක්ට්ස් සමාගමෙහි කොටස්  අන්සතු කිරීමට හෝ පැවරීමට අයිතියක් ලබා දුන්නේ කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) LTL සමාගමට අයත් සී/ස LTL ප්‍රොජෙක්ට්ස් (පුද්ගලික) නමැති උප සමාගම 2006 න් පසු විගණන වාර්තාවන්ට ඇතුළත් වී නොමැති බවත්; ඒ හේතුවෙන් මෙම සමාගමේ ලාභාංශ රජයට නොලැබෙන බවත්;

 

(ii) මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කර 2006 වසරේ සිට මේ දක්වා රජයට අහිමි වූ ලාභාංශ මුදල් ලබා ගැනීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-05

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks