01

E   |     |  

 දිනය: 2010-11-23   පිළිතුර ලබා දී ඇත 

0571/2010: Retirements on Desability in Armed Forces

0571/’10

ගරු රුවන් රණතුංග මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවය කොට, දුබලතා මත විශ්‍රාම ගන්වා දැනට විශ්‍රාම වැටුප් ලබන පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

            (ii)      ඔවුන් දැනට ලබන අවම විශ්‍රාම වැටුප කොපමණද;

(iii) කොටුගොඩ, නැදගමුව, පිටවෙල පාරේ, අංක: 215/බී දරන, නිවසේ පදිංචි, සේවා අංක: B6511 දැරූ නාවික හමුදාවේ ඉංජිනේරු කාර්මික සේවයේ යෙදී සිට 1985/10/30 වැනි දින දුබලතා මත විශ්‍රාම ගන්වා දැනට මිනුවන්ගොඩ ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයෙන් විශ්‍රාම වැටුප් අංක: 3971 යටතේ රුපියල් 6561.20ක විශ්‍රාම වැටුපක් ලබන, ඊ.එම්.ඩී. කීර්තිසිංහ ඒකනායක වැනි අය කුමන වර්ගීකරණයට අයත් වන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) කීර්තිසිංහ මහතා වැනි අය ලබන විශ්‍රාම වැටුප වර්තමාන ජීවන වියදමට අනුව ප්‍රමාණවත් නොවන බැවින්, ඔවුන්ගේ විශ්‍රාම වැටුප වැඩිකිරීමට හෝ ජිවනෝපාය මාර්ගයක් සළසා ගැනීමට ප්‍රමාණවත් සහනයක් ලබා දීමට ‍හෝ ගෙන ඇති පියවර කව‍රේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ  මන්ද?

අසන ලද දිනය

2010-11-23

අසන ලද්දේ

ගරු ගරු රුවන් රණතුංග මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks