01

E   |     |  

 දිනය: 2018-07-06   පිළිතුර ලබා දී ඇත 

0235/2018: Water cuts in Kolonnawa UC limits

235/’18

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කොළොන්නාව නගර සභා සීමාව තුළ දීර්ඝ කාලයක සිට දිනකට පැය 02 ක් ජලය කපා හරින  බවත්;

             (ii)       එසේම, දවසේ බොහෝ වේලාවක් නල ජලයේ පීඩනය අඩු මට්ටමක  පවතින බවත්;

          එතුමා  දන්නෙහිද? 

(ආ) (i) මෙලෙස ජලය කපා හැරීමට සහ ජල පීඩනය අඩුවීමට හේතු කවරේද;

(ii) මේ සඳහා දැනට පවතින විකල්ප විසඳුම් කවරේද;

(iii) එම විසඳුම් ක‍්‍රියාවට නැංවීම සඳහා කිසියම් වැඩපිළිවෙළක් සකසා තිබේද;

(iv) ඉහත (i)හි සඳහන් ගැටළු සඳහා විසඳුම් ලබාදෙන නිශ්චිත දින වකවානු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-06

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks