01

E   |     |  

 දිනය: 2018-07-03   පිළිතුර ලබා දී ඇත 

0234/2018: Academic and Non Academic vacancies in Rajasinghe Vidyalaya Buthgamuwa

234/’18

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි එකම මිශ්‍ර ජාතික පාසල කුඩා බුත්ගමුව රාජසිංහ විද්‍යාලය බවත්;

            (ii)       මේ වනවිට එම විද්‍යාලය භෞතික හා මානව සම්පත් හිඟ වීමෙන් දිනෙන් දින අභාවයට යමින් පවතින බවත්;

(iii) මෙම ජාතික පාසලේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 26ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 10ක් පවතින බවත්;

(iv) මේ හේතුවෙන් මෙම විද්‍යාලයේ සිසු සිසුවියන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් පසුව අ.පො.ස. (උසස් පෙළ)  හැදෑරීමට වෙනත් පාසල් කරා යොමු වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් පුරප්පාඩු පිරවීම සඳහා ඇති සැලසුම් කවරේද;

(ii) ඒ සඳහා පියවර ගනු ලබන දිනය කවරේද;

(iii) 2017 වර්ෂයේදී මෙම විද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය සඳහා ලබා දී ඇති ප්‍රතිපාදන වෙන් වශයෙන් කවරේද;

(iv) එම ප්‍රතිපාදනවලින් දැනට සිදුකර ඇති වැඩසටහන්වල ප්‍රගතිය කවරේද;

(v) 2018 වර්ෂයේ මෙම විද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය සඳහා ප්‍රතිපාදන ලබාදීමට සැලසුම්කර තිබේද;

(vi) එසේ නම්, එම ප්‍රතිපාදන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-03

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks