logo

03

E   |     |  

 දිනය: 2010-11-23   පිළිතුර ලබා දී ඇත 

0570/2010: Raddolugama Housing Scheme

0570/’10

ගරු කරූ ජයසූරිය මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      රද්දොළුගම නිවාස සංකීර්ණයේ ඉතිරිව ඇති බිම් ‍කැබලි විකිණීමට නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ සැළසුමක් එහි නිවාසලාභීන් අතිගරු ජනාධිපතිතුමා වෙත කළ  පැමිණිල්ලක් අනුව අත්හිටවූ බවත්;

(ii) ඒ සම්බන්ධව ජනාධිපති විමර්ශණ අංශය කළ පරීක්ෂණයේ නිර්දේශය ජනාධිපති ලේකම් විසින් එවකට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති වෙතද, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් වෙත ද යොමු අංක SP/4/2/4/2/1 හා 2006/02/28 දිනැති ලිපියෙන් දන්වා ඇති බවත්;

(iii) එම ලිපියේ (කෙටියෙන්) “ඉතිරිව ඇති කුඩා බිම් කැබලි වසර 23 ක පමණ කාලයක් එහි නිවැසියන් භුක්ති විද ඇති හෙයින් ඔවුනට විකිණීමෙන් පවරාදීමට අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කර තිබිණ.  ජනාධිපති විමර්ශන අංශයේ නිර්දේශය අනුව රද්දොළුගම නිවාස සංකීර්ණය වටා යාමට ඇති මාර්ගය 1820 බිම් කොටසෙන් වෙන් කිරීම සහ 1819 බිම් කැබැල්ල යාබද නිවැසියන් වෙත විකිණීමෙන් පවරාදීම සුදුසු බවත් දන්වමි” යන්න සඳහන්ව ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) අතිගරු ජනාධිපතිතුමාගේ ඉහත නියෝගය නොපමාව ඉටුකර දීමට එතුමා පියවර ගන්නෙහිද?

‍(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-11-23

අසන ලද්දේ

ගරු කරු ජයසූරිය මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks