01

E   |     |  

 දිනය: 2018-06-19   පිළිතුර ලබා දී ඇත 

0233/2018: Academic and Non Academic vacancies in Balika Vidyalaya Kolonnawa

233/’18

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි එකම  බාලිකා ජාතික පාසල කොළොන්නාව බාලිකා විද්‍යාලය බවත්;

            (ii)       මේ වනවිට එම විද්‍යාලයේ අඩුපාඩු රැසක් පවතින බවත්;

(iii) ගුරු පුරප්පාඩු 18ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු  08ක් පවතින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම පුරප්පාඩු පැවතීම විද්‍යාලයේ ඉදිරි ප්‍රගතියට හා කීර්තියට බාධාවක් සහ හානියක් බව පිළිගන්නේද;

(ii) මෙම පුරප්පාඩු පිරවීම සඳහා ඇති සැලසුම් කවරේද;

(iii) ඒ සඳහා පියවර ගනු ලබන දිනය කවරේද;

(iv) 2017 වර්ෂයේදී මෙම විද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය සඳහා ලබාදී ඇති ප්‍රතිපාදන වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) එම ප්‍රතිපාදනවලින් දැනට සිදු කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය කවරේද;

(vi) 2018 වර්ෂයේ මෙම විද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය සඳහා  ප්‍රතිපාදන ලබා දීමට සැලසුම් කර තිබේද;

(vii) එසේ නම්, එම ප්‍රතිපාදන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-19

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks