බලන්න

04

E   |     |  

 දිනය: 2018-06-22   පිළිතුර ලබා දී ඇත 

0197/2018: Floods 2017 dead/ disabled and compensations paid

197/’18

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2017 වර්ෂයේදී තෙත් කලාපයේ ගං වතුරෙන් සහ වැසි වතුරෙන් සිදු වූ ජල ගැලීමෙන්,

              (i)       මියගිය සංඛ්‍යාව කොපමණද;

            (ii)       ආබාධිත වූ සංඛ්‍යාව කොපමණද;

            (iii)       විපතට පත් පුද්ගලයන් වෙනුවෙන් රජය විසින් ගෙවන ලද මුළු වන්දි මුදල කොපමණද;

(iv) මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රජය විසින් ගෙවන ලද වන්දි මුදල කොපමණද;

(v) හානියට පත් නිවාස වෙනුවෙන් ගෙවන ලද උපරිම සහ අවම වන්දි මුදල කොපමණද;

(vi) අවතැන් වූ සියලුම දෙනාට ස්ථිර නිවාස ලබා දී තිබේද;

 

 

(vii) අවතැන් වූ පවුලකට ස්ථිර නිවාසයක් ලබා දුන් ආසන්නතම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2018-06-22

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks