04

E   |     |  

 දිනය: 2018-09-19   පිළිතුර ලබා දී ඇත 

0144/2018: දඹුල්ල දිසා රෝහලේ පහසුකම් ඉහළ නැංවීම : ගනු ලබන පියවර

144/’18

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දඹුල්ල දිසා රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දිනපතා විශාල රෝගීන් පිරිසක් පැමිණෙන බවත්;

            (ii)       එම රෝගීන්ට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් මෙම රෝහලේ නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, දඹුල්ල රෝහලේ පහසුකම් ඉහළ නැංවීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-19

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් සපයා ඇත.

(ආ)     පැන නොනඟී.

(ඇ)     පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2018-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks