04

E   |     |  

 දිනය: 2018-09-18   පිළිතුර ලබා දී ඇත 

0011/2018: Projects to be completed under Nearest School the best School program

11/’18

ගරු කනක හේරත් මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකාව තුළ අවම පහසුකම් යටතේ පවත්වාගෙන යනු ලබන තවදුරටත් සංවර්ධනය කළ යුතු පාසැල් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම පාසල් සංවර්ධනය කිරීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘති   සංඛ්‍යාව කොපමණද; 

(ii) ඒවා අතරින් මේ වනවිට අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;  

(iii) මේ වනවිට අවසන් නොකළ ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

(iv) එම ව්‍යාපෘතීන් අවසන් නොකිරීමට හේතු කවරේද;

(v) ඉහත සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන්නේද;

(vi) ඒ සඳහා ගතවන කාලය කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-18

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks