01

E   |     |  

 දිනය: 2018-04-06   පිළිතුර ලබා දී ඇත 

2496/2018: re- cultivating fallow paddy fields in Western Province

2496/’17

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මෙම වර්ෂයේ මුල් කන්නයේදී බස්නාහිර පළාතේ වගා කරන ලද මුළු කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

            (ii)       බස්නාහිර පළාතේ වගා නොකළ පුරන් වූ කුඹුරු බිම් ප්‍රමාණය කොපමණද;

(iii) වගා ‍නොකර පුරන් වූ කුඹුරුවලින් රටට අහිමි වූ වී මෙට්‍රික් ටොන් ප්‍රමාණය කොපමණද;

(iv) වගාකළ එහෙත්, හානි වු කුඹුරු හෙක්ටයාර් ප්‍රමාණය කොපමණද;

(v) සිදු වූ හානිය නැවත වරක් සිදුනොවීමට/අවම කිරීමට ගත් කාලීන ක්‍රියාමාර්ග කවරේද;

(vi) වගා හානි සිදුවීමෙන් අසරණ වූ ගොවීන්ට හානි පූර්ණය ලබා දෙන්නේ කවදාද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වගා නොකරන කුඹුරු වෙනත් ආර්ථික කටයුත්තකට යෙදවීමට අවසර ලබා දෙන්නේද;

(ii) එසේ නම්, ඒ පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කලේද;

(iii) එම ශක්‍යතා අධ්‍යයනයෙහි නිගමනය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-04-06

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks