බලන්න

04

E   |     |  

 දිනය: 2018-03-20   පිළිතුර ලබා දී ඇත 

2322/2018: Subcontracts given by farmer organizations to repair tanks in Galewela Divisional Secretariat

2322/’17

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2016 වර්ෂයේදී, කෘෂිකර්ම අමාත්‍යාංශයේ, මාතලේ ගොවිජන සංවර්ධන කොමසාරිස් කාර්යාලය මඟින් ආරම්භ කළ ව්‍යාපෘතිය යටතේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ  ප්‍රතිසංස්කරණය කළ එක් එක් වැවට වෙන් කළ ප්‍රතිපාදන මුදල සහ පෝෂිත කුඹුරු අක්කර ප්‍රමාණය කවරේද;

(ii) ප්‍රතිසංස්කරණය සඳහා කොන්ත්‍රාත්තුව ලබා ගත් එක් එක් ගොවි සංවිධානය, ග්‍රාම නිලධාරි වසම අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එක් එක් කොන්ත්‍රාත්තුවෙන් එම ගොවි සංවිධානවලට ලැබුණු ලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ගොවි සංවිධානයේ ගිණුමට ලාභය බැර වී තිබේ නම්, එම තොරතුරු සභාගත කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ගොවි සංවිධාන විසින් ලබාගත් ව්‍යාපෘති කොන්ත්‍රාත්තු උප කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී තිබේ නම්, එම උප කොන්ත්‍රාත් ගිවිසුම් සභාගත කරන්නේද;

(ii) ගිවිසුම්ගත නොවී වාචික එකඟතාවයෙන් උප කොන්ත්‍රාත් ලබාදීමට ගොවිජන සංවර්ධන නිලධාරින් එකඟත්වය ලබා දී තිබේද;

(iii) එක් එක් ව්‍යාපෘතියෙන් ගොවි සංවිධානවලට ලැබී ඇති ප්‍රතිලාභ, කොමිස් මුදල කොපමණද;

(iv) ගොවි සංවිධානවලට උප කොන්ත්‍රාත් ලබාදීමෙන් ලැබුණු ප්‍රතිලාභ, කොමිස් මුදල් හා එය කොන්ත්‍රාත්තුවේ ප්‍රතිශතයක් ව‍ශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-03-20

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks