01

E   |     |  

 දිනය: 2017-12-05   පිළිතුර ලබා දී ඇත 

2127/2017: Wild animals destroying agricultural produce of farmers

2127/’17

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ‍වන සතුන්ගේ ක්‍රියාකාරකම් හේතුකොට ගෙන ගොවීන් විශාල අපහසුතාවයකට ලක්වී ඇති බව පිළිගන්නේද;

  (ii)      මුළු ගොවි නිෂ්පාදනයෙන්, වන සතුන්ගෙන් විනාශයට පත්වන ප්‍රමාණය කොපමණද;

(iii) ගොවීන් ආරක්ෂා කිරීමට හා වන සතුන් සංරක්ෂණය කිරීමට දැනට ගෙන ඇති පියවර කවරේද;

(iv) රිලවුන්ගේ ගහනය වැඩිවීම හේතුවෙන් කුරුළු බිත්තර හා පැටවුන් විනාශ වන බව  දන්නේද;

(v) ඒ සඳහා ලබා දෙන විසඳුම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-12-05

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks