බලන්න

04

E   |     |  

 දිනය: 2010-10-06   පිළිතුර ලබා දී ඇත 

0462/2010: Allowance paid at marriages of IDP's

0462/’10

ගරු නූර්දීන් මෂූර් මහතා,— පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      රටේ අභ්‍යන්තරව අවතැන්වී සිටින පවුල්වලට අයත් අවිවාහක අයෙකු විවාහ ගිවිස ගැනීමේදී පුද්ගලයින්, දේපල සහ කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරිය වෙතින් ලබා දෙන මුදල් ආධාරය කොපමණද;

(ii) වර්ෂ 2004 සිට 2010 මැයි මස දක්වා පුත්තලම, වනාතවිල්ලුව, කල්පිටිය, මුන්දලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවතැන්ව සිටින පවුල්වලට අයත්, එම මුදල් ආධාර ලබා දුන් පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

(iii) අවතැන්වූ පවුල් දෙකක් අතර විවාහ ගිවිස ගැනීමේදී එම දෙපලටම ලබා දෙන මුදල් ප්‍රමාණය සහ එසේ මුදල් ලබා දුන් අවස්ථා ගණන කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද ?        

(ආ) ඉහත (අ)(iii) හි පරිදි සිදු වූ විවාහවීම් සහ එක් අයෙකු අවතැන් පවුලක සාමාජිකයෙකුව සිදු වූ විවාහවීම්වලට අදාළව වර්ෂ 2004-2010 කාලය තුළදී ලබා දුන් මුදල් ප්‍රමාණය, මුදල් ලාභීන්ගේ නම්, ලිපිනයන්, මුදල් නිකුත් කළ දිනයන්, වවුචර් අංක හා දිනයන් කවරේද යන්න ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-10-06

අසන ලද්දේ

ගරු නූර්දීන් මෂූර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks