බලන්න

04

E   |     |  

 දිනය: 2010-10-06   පිළිතුර ලබා දී ඇත 

0461/2010: World Bank aids to build houses

0461/’10

ගරු නූර්දීන් මෂූර් මහතා,— නැවත පදිංචිකිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      උතුරු පළාතේ පදිංචිව සිටි දැනට පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය, මුන්දලම, වනාතවිල්ලුව සහ පුත්තලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අභ්‍යන්තර අවතැන්වූවන් ලෙස පදිංචි වී සිටින ජනතාව වෙනුවෙන්, ලෝක බැංකු නිවාස ආධාර යටතේ වර්ෂ 2007 සිට මේ වන තෙක් සම්පූර්ණයෙන් ඉදිකරන ලද නිවාස සංඛ්‍යාව කොපමණද;

(ii) එම එක් එක් නිවාස ඉදිකිරීම් සඳහා වියදම් කරන ලද සම්පූර්ණ මුදල් ප්‍රමාණය කොපමණද;

(iii) එම පදිංචිකරුවන් සඳහා නිවාස ඉදිකිරීමට මූල්‍යාධාර පිරිනැමීමේදී අනුගමනය කරන ලද පිළිවෙත කවරේද;

(iv) එය වාරික වශයෙන් ලබාදුන්නේ නම්, එක් එක් වාරිකය සඳහා ගෙවූ මුදල් ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද ?        

(ආ) එම ලෝක බැංකු නිවාස ආධාර වැඩ සටහන යටතේ මුදල් පිරිනමන ලද පුද්ගලයින්ගේ නම්, ලිපිනයන්, දිනයන් සහ වව්චර්පත් අංකයන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එතුමා සඳහන් කරන්නෙහිද?               

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

අසන ලද දිනය

2010-10-06

අසන ලද්දේ

ගරු නූර්දීන් මෂූර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීමේ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks